ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්

ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයේ නිවැරදි පුද්ගලයන් සමග සාකච්ඡා කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ධවල මන්දියරයේදී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීම සදහා වොෂින්ටනය ඉරානයට කරුණු 5කින් යුත් සැලැස්මක් යොමුකර ඇති බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම එම සැලැස්මට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා අමෙරිකානු උප ජනාධිපති ඩී ජේ වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් මෙහෙය වන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.

යුද්ධය අවසන් කිරීම සදහා ඉරානය සමග සාකච්ඡා සිදුකළ බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙරද ප්‍රකාශ කළ අතර ඉරානය එවැනි සාකච්ඡා සිදුව නොමැති බව පවසා තිබුණා.

Search