සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.
කෙසේ වෙතත්, කිසිදු හමුදා සාමාජිකයෙකු මියගොස් නොමැති බවට වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයේ පසුවන බවත්, ඉතිරි පිරිස ද බරපතල තත්ත්වයේ පසුවන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා යොදාගන්නා ටැංකි ගුවන් යානයකට (refueler tanker aircraft) ද හානි සිදුව ඇති බව CNN පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා තිබේ.
ඔවුන්ගෙන් 273 දෙනෙකු යළි රාජකාරි අරඹා ඇති බව සඳහන්ය.
කෙසේ නමුත් මෙම ගැටුමේදී අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
මුලාශ්‍ර :
12 U.S. Troops Injured in Saudi Air Base Strike
Strike on U.S. Base in Saudi Arabia Injures 12 American Troops, 2 Seriously, Officials Say
At least 10 US troops hurt, several refueling planes damaged in Iranian attack on Saudi air base