නයිජීරියාවේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

නයිජීරියාවේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

නයිජීරියාවේ ජොස් නගරයේ ප්‍රදේශ කිහිපයකට පැය 48 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ, නගරයේ මත්පැන්හලකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමත් සමඟ හටගත් ගැටුම් හේතුවෙන්.

ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා.

Search