ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්

ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

 විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00 ට  (22:00 BST) ආරම්භ වීමට නියමිතය .

මෙම තීරණයත් සමඟ කලාපය තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය තාවකාලිකව සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සටන් විරාමය ක්‍රියාත්මක වන කාලය තුළ දෙපාර්ශවයම ප්‍රහාරවලින් වැළකී සිටීමට එකඟ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

 

Search