ගෑනියෙක් උනහම කෙලින් ඉන්න ..හැම වෙලේම :

Anna Wintour කියන්නේ මම ගොඩක් ආස කරන පෞර්ෂයක් ඇති ගැහැණියක්. ලෝක ප්‍රසිද්ධ Vogue සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරිය ලෙස අවුරුදු ගානක් සේවයේ ඉන්න ඇය වාර්තාගත ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ වැටුපක් ගන්නවා. මාධ්‍ය ලෝකයේ බලසම්පන්නම කාන්තාවක් ලෙස සැලකෙන ගැහැනියක්. 

ඇය එක්ක සමීපව වැඩ කරන බොහෝ දෙනෙක් කියන්නේ ඇය කවදාවත් කිසිවෙක්ට සමීප නොවෙන බොහොම තද ගැහැනියක් බවයි. ඕනෙම වෙලාවක මහජන මතය , අනුන්ගේ කතා නොතකා බොහොම සාම්ප්‍රධායෙන් ඔබ්බට ගිහින් තීරණ ගත්තු ඇය වෝග් සඟරාව තරඟකාරී ලෝකයේ ඉහලට ඔසවා තිබ්බා විතරක් නෙවේ සමපූර්ණයෙන් වෙනස් විදිහට position කරා . 

ඇය ළඟදී Master Class එකේ කල කතාව මම අසා සිටියා වගේම නැවත නැවත අහන්න තරම් ඒ වචන එක්ක රාගයක් ඇති වුනා. 

ගෑනියෙක් වුනාම බල්ලාගේ, පූසාගේ නම් පචන් අහගන, අරයා මොනා කියාවිද, මෙයා කොහොම හිතාවිද හිතාගෙන වැඩ කරොත් කවදාවත් ජීවිතේ දිනන්න බැහැ. මම පුද්ගලිකව ගැහැනියක් ලෙස කෙලින් ඉන්න ලොකු හේතුවක් තමා හැම වෙලේම මම වටපිට බලල තීරණ ගන්න කෙනෙක් නෙවේ.

ගොඩක් ගැහැණු උදවියගේ ගැටළු බලද්දී මට පේන්නේ ඔවුන් ඇත්තටම කරදර වෙන්නේ චූටි මේ දනිස්සෙන් පහලට දාන්න ඕනේ ගැටළු ගැනයි. ඒ තමා නැන්දම්මා මට හින්ට් ගහනවා, හබීගේ නෑදෑයෝ අරම හිතනවා, ඔෆිස් එකේ කට්ටිය මූණ නොබලා හිටියා..ඔය වගේ වැදගැම්මකට නැති විකාර කොයිම වෙලාවක වත් ලොකුවට ගන්න එපා. එහෙම කරොත් වෙන්නේ ඔබේ ඉදිරි ගමන වලකින එක විතරයි.

ඔබ සාර්ථක වෙන්න වෙන්න බුරන බල්ලෝ ගාන වැඩි වෙනවා. බල්ලන්ට ගල් ගහන්න, උන් බිරුවා කියල අඬන්න වෙලාව වෙන් කරොත් වෙන්නේ ඔබේ ෆෝකස් එක ග්ලිහෙන එක විතරයි. කෙලින් බලාගෙන ගමන යන්න. බල්ලෝ බුරලා නවතින්නේ නැතුව හපන්න ඉස්සරහට එනවා නම් දෑත බදලා හොඳ පාරක් දෙන්න පොල්ලක් අතේ අරගෙන ගමන යන්න. අවශ්‍යම වෙලාවක මිස පොල්ල පාවිච්චි කරන්න එපා. හැබැයි පාවිච්චි කරන වෙලාවට හොඳම විදිහට පාවිච්චි කරන්න. 

ඔබ ගන්න තීරණ වලට වගකීම ඔබ ගන්න ඕනේ. අපිට ජීවිත දෙකක් නැහැ. එකයි තියෙන්නේ. මැරෙන දවසට තමන්ට ඕනේ විදිහට ජීවත් නොවුනා නම් ලොකු කනගාටුවක් එක්ක තමා මැරෙන්න වෙන්නේ.

ඔයා ආස කෙනාව බඳින්න විදිහක් නැහැ.

ඉගෙන ගන්න ආස දේට සමාජය කැමති නැහැ.

රැකියාවෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ හැබැයි සමාජය බනිනවා.

දෙමාපියෝ පවුලට ඇඟිලි ගහනවා, ඒ වුනත් වෙන ගෙදරකට යද්දී ලෝකේ මොනවා කියාවිද ?

දරුවෝ හදන්න ආස නැහැ..ඒකට දෙමාපියෝ බලපෑම් කරනවා. 

ඔයා සම ලින්ගිකයි. දෙමාපියෝ බලකරනවා පවුල ගෙනියන්න මුනුබුරෙක් හදන්න කියල අකමැත්තෙන් විරුද්ධ ලින්ගිකයෙක් එක්ක විවාහ වෙන්න කියල. 

ඔයාගේ හදවත ෆලෝ කරන්න. ඔයාට ඕනෙම දේ ඒක නම් බය නැතුව ඒ තීරනේ ගන්න. වැරදුනොත් ඒක අතහැරලා නැවත ජීවිතේ අලුතින් පටන් ගන්න.

"You are driven by your heart , by your talent and your driven by your instinct. And if you start to look at what people are doing to the left of you , or to the right of you , you are going to loose that clarity of thoughts" . Own your decisions , own who you are but without apology"

උපුටා ගැනීම Reshika Dissanayake Godakanda ෆෙස්බුක් පිටුවෙනි