දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දයා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර.
ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා.
එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්ව ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ උනාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල. කොමිසම කිව්ව මුදල් පොත දායාට පෙන්නන්න කියල. තාම කොර වෙනව.
හේතුව මොකද දන්නවද? නිපුණාරච්චිටයි, ගලප්පතිගෙ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! ඇපීල් එක ආයෙ 12දට අහනවා!


(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
[the leader.lk ]