ඇමති නලින්ද, වීරවංසගෙන් හා ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් වන්දි ඉල්ලයි !

ඇමති නලින්ද, වීරවංසගෙන් හා ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් වන්දි ඉල්ලයි !

තමාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගෙන් සහ ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් කෝටි 100 බැගින් වන්දි ලබා දෙන ලෙස දන්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය නීතිඥයින්ගේ මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

, 2026-02-06 හෝ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේදී මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙනි.

එමෙන්ම, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ..6.50 විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ “Story of the Day” නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක්ද ලබා දී ප්‍රචාරය කර ඇත.

විමල් වීරවංස විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බවත්, එය තමාගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම එන්තරවාසියේ අවධාරණය කර තිබේ.

මෙම ප්‍රකාශය හැඳින්වීමක්ද සහිතව යළිත් ප්‍රචාරය කිරීමේදී ස්වර්ණවාහිනී ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෙතින් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් සිදු කර නොමැති අතර, එම වැඩසටහන තුළින් අමාත්‍යවරයාට පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දී නොමැත.

එමෙන්ම, මෙම ප්‍රචාරණය මේ වනවිටත් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ උඩුගත කර විවෘත කර තිබේ.

අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100 බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංස සහ  Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය නීතිඥවරයා මගින් දැනුම් දී ඇත.

නොඑසේ නම්, ඉදිරි නීතිමය කටයුතුවලට එළඹෙන බවද මෙහිදී දැනුම් දී තිබේ.

''
බොරු නම් නඩු දමනු ! '' - විමල් ගෙන් අභියෝගයක්

1728537211 Wimal Weerawansha L copy 800x450

මේ අතර විමල් වීරවංශ පවසන්නේ, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය ඉන්දීය සංචාරයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතක් භාවිතා කර ඇති බවට තමා විසින් කළ ප්‍රකාශය අසත්‍ය නම් තමාට එරෙහිව නඩු පවරන ලෙසයි.

මේ චෝදනාව බොරු නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම අභියෝග කරනවා. අමාත්‍යවරයා බඩු මිලදී ගත් සියලුම බිල්පත් සහ සාක්ෂි අරගෙන උසාවියට එන්න මම ලෑස්තියි.” යයි විමල් වීරවංශ පවසා සිටියේ, ‘ගමත් එක්ක විමල්ජනහමුවකට එක්වෙමිනි.

අදාළ බැංකු කාඩ්පත මෙරට අසාධු ලේඛනගත කරන ලද ඖෂධ සමාගමක හිමිකරුවෙකුට අයත් එකක් බවද වීරවංශ එහිදී කියා සිටියේය.

විමල් වීරවංශ පවසන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර රුපියල් ලක්ෂ 10කට අධික බිල්පත් ගෙවීම සඳහා භාවිතා කර ඇත්තේ, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව සිටි සමයේ බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලබා මෙරට අසාධු ලේඛනගත කළ සමාගමක හිමිකරුවෙකුගේ බැංකු කාඩ්පතකි.

මෙම සිදුවීම හරහා වත්මන් රජය පවසනපුනරුදයසහ පිරිසිදු දේශපාලනය ප්‍රශ්න කෙරෙන බව විමල් වීරවංශ මෙහිදී පැවසිය.

උපුටා ගැනීම - [theleader.lk

Search