ගෝල්ෆේස් අරගලය අපිට තාමත් අවිඥාණික බලපෑමක් කරනවා.
මම හිතන්නේ අපේ හැමෝගෙම යටිහිතේ ඒ කොළඹට ඇදිල ආව ජනබලය ගැන අනුරාගයක් තියනවා. විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යවල ඒකට කරන්න පුළුවන් වෙච්ච දේ ගැන මිනිස්සු තාමත් හිතනවා කියල මට හිතෙනවා.
අනපේක්ෂිත විදියට ඒක නැවත හොල්මන් කරන්න බලපෑවේ ඊයේ නඩු තීන්දුව.

12 දෙනා සම්බන්ද ඒ නඩුව එක්ක බුකියේ නැවතත් අරගලයේ ගිණිපුපුරු දැල්වෙමින් තියෙනවා. විශේෂයෙන් නඩු තීන්දුවට පක්ෂව හුරේදාන්න ගත්ත අයට එරෙහිව මේ 'ජනතා කේන්තිය' අරගලයේ පැත්තෙන් නැවතත් හුස්මගන්න පටන් අරගෙන...
නැවතත් ඒ ගෝල්ෆේස් අනන්‍යතාව එක්ක මිනිස්සු අනන්‍ය වෙමින් පවතිනවා. අරගලයෙන් පස්සේ මුල්ම වරට...
අරගලය ආවේ යම් ජනතා අරමුණු ප්‍රමාණයක් එක්ක. ඒකෙ ප්‍රධාන සටන් පාඨයක් උනේ ක්‍රම වෙනසක් ගැන තිබ්බ ජනතා අවශ්‍යතාව. සහ තිබ්බ පාලන තන්ත්ර විරෝධය. කේන්තිය. පහුගිය චන්දෙන් එළියට ආවෙත් මේ කේන්තිය. මම මේකට කිව්වේ 'කේන්තියේ චන්දය' කියල.
රනිල් පොඩි ගොඩ වෙදකමක් කරලා මේක යටපත් කලාට ඒක ඇත්තටම යටපත් වෙලා නැහැ. අළු යට ගිණිපුපුරු වගේ ඒක යලි යලිත් මතුවෙනවා.
ඇත්ත. අපේ අරගලය දිගහැරුණේ ඉතාම හෙමින්. ඒ නිසාම ඒක හයිජැක් කරන්න කාලය රනිල්ට ලැබුණ. අරගලය යම් රැඩිකල් අවසානයක් කරායන එක ඔහු වැලකුවා. ඉතුරු සියල්ල සිද්ද වෙන්නේ ඒක එක්ක.
මොනවා කලත් අරගලය යලි යලිත් වෙනස් මුහුණුවරවල් ඔස්සේ මතුවෙන්න හේතුව තමයි අරගලයේ ජනතා අභිලාෂ තවමත් මුදුන් පැමිණ නැතිවීම. ඇත්තටම ක්‍රම වෙනසක් වෙනුවට තියෙන්නේ යන්තම් වත්තම් කරගෙන යන පරණ මජර ක්රමයම තමයි.
යම් මොහොතක් ආයෙත් එන්න පුළුවන් සියල්ල පුපුරා යන...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
[theleader.lk]