මාලිමා ආණ්ඩුවට මාක්ස්වාදී විපක්ෂයක් අවශ්‍යයි | පිලිප් ශාන්ත

මාලිමා ආණ්ඩුවට මාක්ස්වාදී  විපක්ෂයක් අවශ්‍යයි | පිලිප් ශාන්ත

පරාජිත බලවේගයන් නැවත බලයට ගෙන ඒමේ අවශ්‍යතාවක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා නැවතත් සපථ කර ඇත.


එම පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ දරමින් සිටින ඒ මතය නැවතත් හඬ නඟා ප්‍රකාශ කිරීම අංශ දෙකක් යටතේ වැදගත් වේ.

පළමුවැන්න වන්නේ ජවිපෙ හා බද්ධ වෛරයෙන් පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පහළ ස්ථරයට රතු එළියක් පෙන්වීමයි. පක්ෂයේ පහළ ස්ථරයට දේශපාලන දෘෂ්ටිවාදයක් නොමැත. ඔවුන් දේශපාලනය කරන්නේ හැඟීම්බරව ය. එනිසා ජවිපෙ හා පවතින ඇරියස් පියවා ගැනීමේ දී එහි වාසිය පරාජිත බලවේගයන්ට ලැබෙන බව ඔවුහු තේරුම් ගන්නේ නැත. එනිසා ආණ්ඩු විරෝධයට ඇති තමන්ගේම වූ සීමාව හා ස්ටයිල් එක අමතක කර බැනවැදීම පමණක් කරමින් සිටී.

එන්පීපී ආණ්ඩුවට විපක්ෂයක් අවශ්‍ය වේ. එම විපක්ෂය අදියර දෙකකින් ක්‍රියාකාරී විය යුතුය. එකක් සංශෝධනවාදීව ආණ්ඩුව විවේචනය කර "රැජිනගේ විපක්ෂයේ" කාර්‍යභාරය ඉටු කිරීමයි. දෙවැන්න එන්පීපී ආණ්ඩුවට යා නොහැකි දුර ගමන් කිරීමට හැකි දේශපාලන බලවේගයක් ගොඩනැගීමයි.

Pubudu Jagoda

 

රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන විට පෙනෙන්නේ ආණ්ඩුවේ "රැජිනගේ විපක්ෂය"වීමට පෙරටුගාමීන් උපරිමයෙන් මහන්සිවන බවයි. ආණ්ඩුවට එරෙහිව පරාජිත බලවේග නඟන චෝදනාවල ප්‍රකාශකයා වී ඇත්තේ එම පක්ෂයේ පුබුදු ජාගොඩ ය. ඒ සදහා පක්ෂයේ මුළු ශක්තියම කැපකරන්නේදැයි සැක සිතන්නේ එන්පීපීයට යා නොහැකි දුර යෑමට පෙරටුගාමීන් කිසිවක් නොකරන නිසා ය.

 

ධනේශ්වරය හෙජමොනික ලෝකයක එන්පීපීය ප්‍රගතිශීලී දේශපාලනයක නිරතවීමේ උපරිම උපක්‍රමය ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තෝරාගෙන ඇත. එනිසා පවතින්නේ සමාජවාදී ආණ්ඩුවක් නොවන බව පක්ෂයේ පහළ ස්ථරයන්ට පැහැදිලි කරදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් උනන්දු විය යුතුය. විවේචනය පදනම් විය යුත්තේ ඒ මතය.

 

peratugami


විශේෂම අවශ්‍යතාව වන්නේ එන්පීපී දේශපාලනයට ඔබ්බෙන් ඇති විප්ලවවාදී දේශපාලන හිඩැස පිරවීමයි. එය පිරවිය හැකි විභවයක් හෝ ගතිකයක් පෙරටුගාමීන් සතුව ඇති බවක් නොපෙනේ. මේ යුගය තුළ විප්ලවවාදී සමාජ ව්‍යාපාරයක් සදහා අවශ්‍ය මූලික අවශ්‍යතාව වන්නේ ශක්තිමත් හා නිරවුල් දෘෂ්ටියක් නිර්මාණය කර ගැනීමයි. ඒ සදහා ලෙනින්වාදී බොරු වළවල්වල නොවැටී මාක්ස් හා එංගල්ස් නිර්මාණය කළ දැනුම මුල සිට නැවත කියවා අර්ථ දක්වා ගනිමින් යාවත්කාලීන කරගත යුතුව ඇත.

ඒ සදහා ඇති සූදානමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ ඇති බවක් නොපෙනේ.



pilip shantha


(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

[theleader.lk] 
 

Search