මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, අන්තර්ජාතික පොලිසිය විසින් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා දෙකක් යත්‍රා කරමින් තිබෙන බවට අනතුරු අඟවා තිබූ නෞකා වලින් එකක් බව මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය කියා සිටියාය.
අන්තර්ජාතික පොලිසිය මේ සම්බන්ධයෙන් පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය දැනුවත් කර ඇති බවත්, ඔවුන් ලංකාව මේ සම්බන්ධයෙන් දැනුවත් නොකළේ දැයි මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇය විමසා සිටී.