මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හට හිංසාවක් සිදු වුවහොත් ඊට රජය වගකිව යුතු බව
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගියදා අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දිගින්-දිගටම අදාල Facebook පෝස්ටුවට අදහස් දක්වා තිබුණි.
දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දැක්වූ එම Facebook පෝස්ටුව මෙතනින්..
මුලාශ්‍ර : News19