පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අද (06) ලිඛිතව
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක වෙත දැනුම් දී තිබෙනවා.
බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව 'පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.