ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ හමුදා කඳවුරේ රඳවා තැබූ කම්කරු
අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් පිරිස නිදහස් කර තිබේ.
පසුගිය ජූලි 7 වැනිදා කොළඹ – 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනාගේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අනුව, ඔවුන්ට කොරෝනා ආසාදනයක් නොමැති බව පසුගියදා තහවුරු විය.
ඊයේ රාත්‍රියේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට නිලධාරීන්ගෙන් විමසු විට සනදහන් කළ බවත් අද දින නැවත නිවෙස් වෙත යාමට සුදානම් වන ලෙසට පැවසූ බවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නවගමුව මහතා පැවසීය.
ඒ නිසා මෙය සෞඛ්‍යමය කටයුත්තක් නොව දේශපාලන වැඩපිළිවෙලක් බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.