ගවුම් ඇඳලා සින්දු කියන අසමජ්ජාති ගායකයාගේ මඩවලට අපි බය නැහැ - උලපනේ හිමි CIDයට (VIDEO)

ගවුම් ඇඳලා සින්දු කියන අසමජ්ජාති ගායකයෙක් මිනිසුන්ගේ චරිත විනාශ කරමින් සිටින බවත් එම මඩ අවලාදවලට තමන් වහන්සේලාගේ හඬ නිහඬ කළ නොහැකි බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (15) 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අන්තර් ජාලයේ පළකර තිබුණු නම් ලැයිස්තුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් වහන්සේලා මාධ්‍යයෙන් පිම්බුණු චරිත හෝ දේශපාලකයින්ගේ රෙද්ද පල්ලේ ගොස් හැදුණු චරිත නොවන බවද සුමංගල හිමියෝ සඳහන් කළහ.

මහජනතාවගෙන් ගොඩනැගුනු චරිත ලෙස කිසිම අවස්ථාවක චරිතයට කැළලක් වන ආකාරයට හැසිරී නැති බවත් අද මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත්කරන්නේ එකී කටයුතුවල සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා බව උන්වහන්සේ කියාසිටියහ.

Lanka News Web