රටේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ආරක්ෂාවට අයිති නැද්ද? - ජයනි අබේසේකර

රටේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ආරක්ෂාවට අයිති නැති දෙයක් ද යන්නත්,

හුදු ත්‍රස්තවාදයකින් රට බේරා ගැනීම පමණක් ජාතික ආරක්ෂාව යැයි සිතීම විහිලුවක් බවත් සමාජ ක්‍රියාකාරිනි ජයනි අබේසේකර ප්‍රකාශ කර සිටිනවා.

ඇය මේ බව කියා සිටියේ කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි ඊයේ (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.