කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(19) දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් ඇතුළු
දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව එම විරෝධතාව සංවිධානය කර තිබුණි.
කොටුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, නිරෝධායන නීතියට අනුවයි.