සුදුලූණු වංචාව ගැන හෙළිකළ මාධ්‍යවේදින් CIDයට කැඳවීම අනුමත කරන්නේ නැහැ : ඩලස් (VIDEO)

 

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් පුවත් වාර්තා පළකළ මාධ්‍යවේදීන්, පුවත්පත් කතුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම කිසිසේත්ම අනුමත

නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්‍පෙරුම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදීන් පවසා සිටියේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා මාධ්‍යවේදීන් බියට පත්ව සිටින බවයි.

Search