ගුවන් මගීන්ට PCR නොකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ බෙල්ලට පිහියක් තබා ගත් තීරණයක් ද? (VIDEO)

 

එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද

පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකිරීමට ආණ්ඩුවේ බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අවිචාරවත් තීන්දුවක් බවට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු චෝදනා කර සිටියි.

අද පැවති මාධ්‍ය හමුවක දී එසේ චෝදනා කර සිටියේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති මෙන්ම, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ය.

''ගුවන් තොටුපලින් මෙරටට ඇතුළුවන දෙස් විදෙස් ගුවන් මගීන් PCR පරීක්ෂාවකට ලක් නොකරමින්, රට ඇතුළු කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක්.''

'' සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම තීන්දුව ඔහු විසින් ගනු ලැබූවක්ද, එසේත් නැත්නම් කිසිවෙකු විසින් හෝ ඔහුගේ බෙල්ලට පිහියක් තබා ගනු ලැබූවක්ද යන්න සැක සහිතය. කෙසේ නමුත් රටම අවධානමේ හෙලමින් ගණු ලැබූ මෙම තීරණය සදහා තාක්ෂණික උපදෙස් දුන් කණ්ඩායම රටට හෙලි කරන ලෙස අප බල කර සිටිමු.''

 

Search