රජය ජාතික ආරක්ෂාව විහිළුවකට අරගෙන - සිරිල් ගාමිණි පියතුමා (VIDEO)

රජය ජාතික ආරක්ෂාව, මිනිසුන්ගේ ජිවිත පිළිබඳ ආරක්ෂාව විහිලුවකට අරගෙන ඇති බව සිරිල් ගාමිණි පියතුමන් කියා සිටිනවා.

 

දේවස්ථානවලට යළිත් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි නාවික හමුදාව විසින් දැනුම් දීමේ සිදුවීම ගැන අදහස් දක්වමින් පියතුමා මේ බව කියා සිටියේ ය.

"පොදු වශයෙන් දැනුම් දෙන්නේ නැතුව කවුරු හරි නිලධාරීන් පිරිසක් ගිහිල්ලා මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම් මේක වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද මේ වැරදීම කියන එක. මේ ආපු නිලධාරීන් ඒ ගොල්ලන්ගේ උවමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇතිනේ. කොහෙන් හරි අණ කිරීමක් එන්නට ඇතිනේ මේ නිලධාරීන්ට මේ මේ පල්ලිවලට නැතිනම් මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථානවලට දැනුවත් කරන්නට කියලා. එතකොට කොතනද මේ වැරැද්ද ගත්තේ කියන එක සොයා බලන්නට ඕන. මොකද මේක විහිළුවක් නෙවෙයි. එහෙම නැත්තන් අපිට හිතෙන්නේ රජය ජාතික ආරක්ෂාව කියන දේ, මිනිසුන්ගේ ජිවිත පිළිබඳ ආරක්ෂාව නිකන් විහිලුවකට ගන්නවා වගේ කියන එක. මේ හා සම්බන්ධ විහිලු කරනවා වගේ. මෙච්චර බැරෑරුම් දෙයක් ගැන කතා කරද්දී."

Search