සජීත් ඇතුළු සජබ මන්ත්‍රීවරු CIDයට : දේශපාලකයන්ටත්, මාධ්‍යවේදීන්ටත් කට වහගෙන තමයි ඉන්න වෙන්නෙ (VIDEO)

 

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල ඉලක්කය වී තිබෙන්නේ දත්ත මකා දැමීමට වගකිව යුතු

පුද්ගලයන් නොව ඒ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරන දේශපාලනඥයන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට ජනතාවට පමණක් නොව දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට පවා කට වසාගෙන සිටීමට සිදුවන තත්වයක් උද්ගත වෙමින් තිබෙන බවත්, එවැනි තත්ත්වයක් උද්ගතවීමට සමගි ජන බලවේගය ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

Search