ඉදිරියේ රටම අඳුරේ ද? විදෙස් සංචිත ගැන රටට කියන්න - රනිල් ඉල්ලයි (VIDEO)

ශ්‍රී ලංකාව සතුව දැනට පවතින විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (29)

පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ ය.

මෙරට බලශක්තිය ගැන තීරණය කළ යුත්තේ තිබෙන විදේශ විනිමය තත්ත්වය මත බව කී හිටපු අගමැතිවරයා මුදල් නැති නම් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් විය හැකි යැයි ද එසේ වුවහොත් කර්මාන්ත ශාලා කටයුතු පවත්වා ගනිමින් ආර්ථිකය ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ අතර එවැනි අවස්ථාවක දී ගන්නා පියවර ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද අවධාරණය කළේ ය.