"බත් දුන් පියා ෂී ජිං පියා" කියන්න වෙලා - විජිත හේරත් (VIDEO)

වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත්

පවසනවා.

ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වත් වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේ දී බවත් රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගන්නේ ගෝඨාභය සමයේදී බවත් මන්ත්‍රීවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම, දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යන කතාව යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.