මහ බැංකු ඉතිහාසයේ කබ්රාල් ගෙන් නව වාර්තාවක් - අච්චු ගැහිල්ලේ තරම රජිත් කීර්ති කියයි (VIDEO)

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය

නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

‘‘සල්ලි අච්චු ගැසීම පාලනයකින් තොරව සිදු වන බව සක් සුදක් සේ පැහැදිලියි. 1950 සිට මේ දක්වා මහ බැංකු අධිපතිවරු 14 දෙනෙකු යටතේ අච්චු ගැසූ මුදල මෙන් 20 ගුණයක් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් යටතේ අච්චු ගසා තිබේනවා. සර් ජෝන් කොතලාවල, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන පාලනයන් යටතේ අච්චු ගැසූ මුලු මුදල මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව යටතේ අච්චු ගසා තිබෙනවා.‘‘

‘‘මුදල් අච්චු ගැසීම නිසා ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රාජ්‍යයන් අතරට එකතු වී තිබෙනවා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස්වලට පිටින් භාණ්ඩාකාර ලේකම් හා මහ බැංකු අධිපති ඒකාධිපතියෙකු සේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීම සිදු කරනවා“ යැයි ද තෙන්නකෝන් පවසයි.