පාපැදියෙන් වැඩට එන්න යෝජනාවක් - වාහනයක් නගරයට ආවාම රජයට පාඩුව 103.56ක් (VIDEO)

පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

 

ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයන් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත.

එසේම, පරිසර අමාත්‍යවරයා පවසන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බවය.