ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වී සිදු කළ රැළියක් නොව එම
පක්ෂයේ රැළියක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අද (10දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර - "අපි එක පැත්තකින් කණගාටු වෙනවා. අපි ඊයේ අනුරාධපුරයේ රැස්වීමෙදී ඔබතුමාගේ කතාවක් බලාපොරොත්තුවෙන් සිටියා. අපි දන්නේ නෑ ඔබතුමාව ඒකෙන් ඉවත් කරලාද කියලා. ඉතින් මේ අනුරාධපුරයේ සිදුවීම ගැන අදහසක් දෙන්න."
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක - "ඊයේ රැස්වීම ගැන මතක් කරන්න ඕනී. ඔබතුමන්ලා බලන් හිටියට ඊයේ රැස්වීම තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ ඇරෙන්න ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා කරපු රැස්වීමක් නෙවෙයි. ඒ නිසා රැස්වීම දිහා බලපු ඔබතුමන්ලා හැමෝටම තේරෙන්න ඇති.
පොදුජන පෙරමුණටත් දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. එතුමන්ලා තමන්ගේ පක්ෂයේ දේශපාලක කටයුතු ඊයේ ආරම්භ කරලා තිබෙනවා. අපි එතුමන්ලාට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ කාරණය සම්බන්ධව."