ග්‍රාමීය සමුපකාර බැංකුව නමින් තමන් විසින් ව්‍යාජ බැංකු පද්ධතියක් පවත්වාගෙන යන බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවත්වාගෙන යන ව්‍යාජ බැංකුවක රට පුරා ශාඛා එකසිය හැත්තෑ එකකින් මුදල් එකතු කරන බවටත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (9) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.