ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ජනතා මතයට කන් නොදී සිය තනතුරු වලින් ඉවත්ව නොයන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක්
ඉදි කිරීමට පසුබට නොවන බව අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අවධාරණය කරනවා.
ඊයේ (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සංවිධානය කර තිබුණු විරෝධතාවක දී අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ය.
"මාස ගණනක් තිස්සේ මේ රටේ ජනතාව මහපාරට බැහැලා එකහඬින් කිව්වේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනවා වෙනුවට අලුත්ම සෙල්ලම තමයි තමන්ට බලයේ ඉන්න පුළුවන් විදියට රනිල් වික්‍රමසිංහ අගමැති කරගෙන තියෙනවා. මහබැංකුව කොල්ලකාපු, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝම එකතුවෙලා දැන් බලනවා ඔලු ගෙඩි ටික මාරු කරගෙන ආණ්ඩුව කරගෙන යන්න. අපි පාරට බැස්සේ ගෝඨාභය රාජපක්ෂ එලවන්න, ඒ වගේම හොරාකාපු සල්ලි ටික ගන්න, මහජන කොමිසමක් ඉල්ලා ගන්න, විකුනපු ඉඩම් ටික නැවත රටට පවරගන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය සාකච්ඡාමය තත්වයක් ගොඩනගන්න. හැබැයි ගෝඨාභය ලෑස්ති කුට්ටම අනන්න නම් අපි ලෑස්ති රනිල් ගෝ ගමත් ගේන්න."
VOICE TUBE VIDEOS