නව අගමැති සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් (VIDEO)

ඊයේ (12) දින අගමැති ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ අතර හමුවක් අද (13) දින පැවැත්වුණි.

 

මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ එහිදී අභිනව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා දිවයිනේ ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය උදෙසා අඛණ්ඩ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර ඇත.