මේ බුදුන් වැඩිය රටක් නේද ? ගෙවල් ගිනි තියද්දි සතුටු වෙන්නේ කොහාමද? සබ්‍රි අසයි (VIDEO)

මෙරට සමස්ත දේශපාලන සංස්කෘතිය කෙරෙහි විශාල අප්‍රසාදයක් සහ කළකිරීමක් පවතින බව හිටපු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

 

බුදුන් වැඩිය, ශාන්තිය සමාදානය තියන රටේ දේශපාලකයන්ගේ ගෙවල් ගිනි ගනිද්දී සන්තෝස වූයේ කෙසේදැයි අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු විමසා සිටියේ ය.

"මම නම් මේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් බලන්නේ නෑ. මට මේවා ඕනත් නෑ. නමුත් අනාගතේ දවසක රටට ආදරේ කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්නේ. මගේ ක්ෂේත්‍රයේ සමහර නීතිඥවරු මගේ ගේ ගිනි ගන්නකොට ඒක ෂෙයා කරගෙන.. මේ රටේ බුදු හාමුදුරුවෝ පය තැබූ රටේ.... ශාන්තිය සමාදානය තියන රටේ කොහොමද සන්තෝස වෙන්නේ?

මොන තරම් තිරිසන් සමාජයක ද අපි ඉන්නේ? මෙහෙම තිරිසන් සමාජයකින් ඉස්සරහට යන්න පුළුවන් ද? බොරුව මේක. මේ බොරුවට අහුවෙන්න එපා. මේක දේශපාලකයෝ 225 විතරක් කරපු දෙයක් නෙවෙයි. මේ රටේ හැම මනුස්සයම වග කියන්න ඕන."