පාර්ලිමේන්තුව රැස්වන සහ රැස්නොවන දිනයන්හි වියදම රටට හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කතානායකවරයාගෙන් ඉල්ලා
සිටිනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ වියදම ගැන කතා කරන සමහරු තනියම පොර වෙන්න ගිහින් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම ආත්ම ගරුත්වය නැති කරන බවයි.
"පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු තමන් තනියම පොර වෙන්න මීඩියාවල දවසට මෙච්චර පාර්ලිමේන්තුවේ වියදම් වුණා කියා කියනවා. පාර්ලිමේන්තුව රැස් වූනත් නැතත් එක්දහස් ගාණක් පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. ඒ අය හැමදාම එනවා. ඒ අයට කෑම බිම හදනවා. ඒ නිසා ඔබතුමා රටට හෙළි කරන්න පාර්ලිමේන්තුව රැස් වන දවසට වියදම සහ රැස් නොවන දවසට වියදම කීයද කියලා. එතකොට ඇත්ත තේරුම් කරන්න පුළුවන්. නැත්තම් සමහර කට්ටිය තනියම පොර වෙන්න ගිහින් ඔක්කොගෙම ආත්ම ගරුත්වය නැති කරනවා."