මේ ම්ලෙච්ඡ තිරිසන් සංස්කෘතියෙන් බැහැරවෙමු - ඉමිතියාස් බාකිර් මාකර් (VIDEO)

ශ්‍රේෂ්ට ආගම් හතරකින් පෝෂණය වූ සමාජයක් තුල ප්‍රචණ්ඩත්වයන් නිතර නිතර මතුවීම කණගාටුදායක තත්වයක් බවත් දැන්වත් මේ ම්ලෙච්ඡ තිරිසන්

සංස්කෘතියෙන් බැහැරවිය යුතු බවත් සමගි ජන බලවේග මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් පවසනවා.

ඉකුත්දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

එසේම, දුෂිත ගනුදෙනු, අයථා පොහොසත්වීම්වලට හසුවූ දේශපාලන සහ වාණිජ බලවතුන් නිදොස් කොට නිදහස් කිරීමේ ප්‍රතිපත්ති මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමේ ප්‍රතිවිපාක අපි අද සමාජයක් වශයෙන් විඳිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

"20 වැනි ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආපු දිනයේදී මා මේ ප්‍රතිවිපාක ගැන පාර්ලිමේන්තුවේ හඩ නැගුවා. අපිට එදා ඇහුම්කම් නොදීමේ විපාක අප අද දකිමින් සිටිනවා."