මහජන බැංකුව බිලියන 54ක් අක්‍රිය ණය ගැන ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි? (VIDEO)

වසර 5ක කාලයක් තිස්සේ මහජන බැංකුව බිලියන 54ක් අක්‍රිය ණය තබාගෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටියේ කුමන පදනමක් මතදැයි පාර්ලිමේන්තු

මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ප්‍රශ්න කර සිටිනවා.

මහජන බැංකුවේ පසුගිය වසර 5 සඳහා වැඩිම අක්‍රිය ණය ගැන සඳහන් කෝප් කමිටු වාර්තාවක් උපුටමින් ඔහු මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කර සිටියේ ය.

එසේම, අගමැති රනිල් මුදල් අමාත්‍යංශය බාරගැනීමෙන් පසු කළ පළමු රාජකාරිය වන්නේ, අගමැතිගේ සමීප මිතුරකු වන හිටපු ඇමැති දයා ගමගේ විසින් ලබාගත් මිලියන 3ක ණය තවමත් බොල් ණය ලෙස කපාහැර නොමැති බවත් ණය මුදල් නැවත රජයට ලබා ගන්නේ කෙසේදැයි සොයා බලන බවත් දන්වමින් මහජන බැංකු සභාපති ලවා තමන් වෙත ලිපියක් යොමු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් කියා සිටියේ ය.