ජනාධිපති වටා ඒකරාශී වූ අත්තනෝමතික බලය වහා සීමා කළ යුතුයි

රට තුල දේශපාලන ස්ථාවරත්වයක් ලබාගැනීමට නම් පවත්නා ජනාධිපති පදවිය වටා ඒකරාශී වී තිබෙන අත්තනෝමතික, අසීමාන්තික බලය වහාම

සීමාන්තික කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි පවසනවා.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගැනීමට මහජනයා පාර්ලිමේන්තුවට බල කර සිටින්නේ එම හේතුව නිසා බව උන්වහන්සේ කියා සිටියේ මහජන සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එසේම, වර්තමාන අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ සාමකාමී ක්‍රියාමාර්ගයකින් පමණක් බවත් ත්‍රස්තවාදී හෝ භීෂණ ක්‍රියාවලට අනුබල නොදී දුරදක්නා නුවණින් ක්‍රියා කරන ලෙසත් සෝබිත හිමි මහජනතාව වෙත දන්වා සිටිනවා.