රටේ ඖෂධ හිඟයක් නොමැති බවත් පවතින තත්වය කළමනාකරණය කරගැනීමට හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඖෂධ තොගයක් භාරගැනීමේ උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“බෙහෙත් හිඟයක් කියන එක හරිම වැරදියි. එහෙම බෙහෙත් හිඟයක් හෝ දැවැන්ත ප්‍රශ්නයක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නෙ. මේ වෙලාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා, නමුත් අපට අවශ්‍යතාවය බෙදා හදාගෙන වැඩ කරගන්න පුළුවන්. මේ මාස එකහමාර විතරයි අපට ප්රශ්නය තියෙන්නෙ. අගෝස්තු මාසයේ ඉඳන් ඊගාව අවුරුදු එකහමාරටම බෙහෙත් ගන්න මට සල්ලි ලැබිලා තියෙනවා”