සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නේ යැයි ආණ්ඩු පාර්ශවයෙන් කළ ප්‍රකාශ සහමුලින්ම ඇන්දවීමක් සහ
රැවටීමක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට අද (15) පෙරවරුවේ වැලිකඩ සිර මැදිරියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්, අර්ථවත් ලෙසත් රටට සේවය කිරීම වෙනුවෙන් තමන් සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවත් ඔහු වඩාත් ධෛර්යසම්පන්න ලෙස කායික සහ මානසික වශයෙන් ශක්තිමත්ව සිටින බවත් විපක්ෂ නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.