ඉන්ධන අර්බූදයට එහා ගිය ප්‍රශ්නයක් රට තුල උද්ගතව ඇතැයි ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අනතුරු අඟවා සිටිනවා.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතීන් විසින් අනාවරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න පිරිසකට මේ වන විට එදිනෙදා ආහාර වේල සොයා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිපලයක් ලෙසින් අනාගතයේ පාසල් යන දරුවන් අඩු පෝෂණය නිසා මොළයේ අව වර්ධනයක් ඇතිවීමේ දීර්ඝකාලීන අවදානමක් පවතින බවයි.
"අපි දන්නවා දරුවාගේ මොළෙන් 80% ක් වර්ධනය වෙන්නේ කුසතුල පිළිසිඳ ගැනීමේ සිට වසර 5 දක්වා. එතකොට මේ කාල සීමාව තුල තමයි පෝෂණය අවශ්‍ය වෙන්නේ. අද වෙනකොට ත්‍රිපෝෂ පවා ලබා දෙන්නේ නැ. එක්සත් ජාතිනීගේ සංවිධානයේ වාර්තාවේ පැහැදිලිවම සදහන් කරලා තියනවා මේ ත්‍රිපෝෂ ලබා දීම 2021 නොවැම්බර් ඉදලම නතර කරලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ ත්‍රිපෝෂ ලබා දෙන්නේ ගර්භනී මව්වරුන්ට, කුඩා ළමුන්ට හා කිරිදෙන අම්මාවරුන්ට. ඉතිං දැන් මේ මොකද වෙලා තියෙන්නේ ළමයින්ට අවශ්‍ය පෝෂණය නොලැබීම තුල අවවර්ධිත මොළයක් සහිත ළමයි තමයි අධ්‍යාපන පද්ධතියට එන්නේ. එතකොට දැන් මේක දීර්ඝකාලීනව තමයි රටට බලපාන්නේ. මොකද මේක අද හෙට බලපාන්නේ නෑ. දීර්ඝකාලීනව තමයි බලපාන්නේ"