21 ගැන දැන් සද්දයක් නෑ - දයාසිරිගෙන් ආණ්ඩුවට නොක්කාඩුවක් (VIDEO)

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පුර්ණ සහයෝගය ලබාදෙන නමුත් ආණ්ඩු පාර්ශ්වය මේ වනවිට ඒ පිළිබඳව

ලොකු කතාබහක් සිදු නොකෙරෙන තත්වයට පැමිණ ඇති බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරනවා.

ආර්ථික අර්බුදය විසඳන තුරු 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුතු බවට මතයක් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ප්‍රකාශ කර ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනය නුදුරේදී සිදු කරනු ඇතැයි විශ්වාස තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Search