රටේ මුල් පාපය ගෝඨාභය ඒ පවේ වන්දිය ගෙවන්නේ අපි - ගාමණි වියන්ගොඩ (VIDEO)

ගෝල්ෆේස් අරගලකරුවන් සිරගත කිරීම හුදෙක් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ මර්දනය හැරෙන්නට වෙනත් කිසිදු

උපකරණයක් ඉතිරි වී නැති තත්වයක් තුල ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් බව ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක ගාමණි වියන්ගොඩ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එසේම, මෙරට තුල අද වනවිට උද්ගතව ඇති සෑම ප්‍රශ්නයකටම පාහේ මුල් පාපය, මහා පාපතරයා ගෝඨාභය රාජපක්ෂ බවත් ඒ පාපය නිසා අද මුළු රටටම පව් ගෙවන්නට සිදුවී ඇති බවත් ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක ගාමණි වියන්ගොඩ එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.