කයියයි ගඳයි විතරයි - අසේලගෙන් කාංචනට දොස් (VIDEO)

මින්පෙර තෙල් මිල ඉහල දැමූ අවස්ථාවේ පෙට්‍රල් ලීටරයකින් ආණ්ඩුවට රුපියලක් පාඩු බව අමාත්‍ය කාංචන විජේසේකර පැවසු නමුත් ඊයේ රාත්‍රියේ පෙට්‍රල්

ලීටරයක මිල රුපියල් 50කින් ඉහල දැමුවේ කුමන පදනමක් යටතේ දැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රශ්න කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"එතුමා වගකීමකින් පැවසුවා ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක රුපියලක් පාඩුයි කියලා. රුපියල 49කින් වැඩි කළේ කොහොමද ? කාට ද ඒ මුදල් යන්නේ? ඒ නිසා කාංචන විජේසේකර ඇමතිවරයාට කියනවා ඔබේ තියෙන්නේ කයියයි තමන්ගේ ගඳයි විතරයි. වැඩ නෑ."