ගෝඨාභය-රනිල් අපි ලෑස්තියි අපිට දෙන්න ආණ්ඩුව - අනුර (VIDEO)

ජනාධිපති සහ අගමැති රටේ පාලනය භාර දෙන්නේ නම් වත්මන් අර්බුදය විසඳීම සඳහා හෙට වුවත් ආණ්ඩුව භාරගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති

පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැලියක් අමතමිනි.

“මුළු රටක් මහා ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ සඳහා කිසිදු සැලැස්මක් හෝ කිසිදු දැක්මක් සහිතව පාලනය කරන බවක් මේ ආණ්ඩුවෙන් පෙනෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ හිරිවැටුණු නායකයෙක්. මේ ජනතාවගේ වේදනාව පිළිබඳව හැඟීමක් තියෙන නායකයෙක් නෙවෙයි. කවුරුහරි හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිව ගොඩගනී, ලෝක බැංකුව ඇවිල්ලා අපිව ගොඩගනී කියලා එහෙම වෙන්නෙ නෑ. රටක් කඩාවැටුණාම ඒ රට ගොඩනඟන්න ඕනෙ කවුද ? ඒ රටේ මිනිස්සු !

අපි ලෑස්තියි මේ රට ගොඩගන්න. හෙට ගෝඨාභය, රනිල් ඕගොල්ලො මේක දෙනවා නම් අපි භාරගන්න ලෑස්තියි, මේ රට හදන්න අපි ලෑස්තියි, මතක තබාගන්න. අපට වෙන මොකුත් ඕනෙ නෑ, අපට භාරදෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ අපි කැමති කැබිනට් මණ්ඩලයක් අපට හදාගන්න දෙන්න. මේ ප්‍රශ්නය විසඳන ක්‍රියාමාර්ගයට මේ රට අවතීරණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගන්න ලෑස්තියි”