මේ මොහොතේ ආණ්ඩුවට මුක්කු ගහන්නේ ජනතා ද්‍රෝහියෝ - සාවිත්‍රි පෝල්රාජ් (VIDEO)

මෙරට ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් කළ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු බවත් මෙවැනි බංකොලොත් ආණ්ඩුවක් රැකීමට මුක්කු ගහන

සියල්ලෝම ජනතා ද්‍රෝහීන් බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

මාධ්‍ය හමුවක ද අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

"අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විදිහට අපි අද මේ සාකච්ඡාව සංවිධානය කරන්නේ මේ වන විට රට තුළ තිබෙන අර්බුදයේ ප්‍රමාණය මුළුතැන්ගෙට විශේෂයෙන් ගෘහණියට කාන්තාවට දැනෙන විදිහ පිළිබඳව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන්

මේ වෙනකොට රට තුළ අපි දකින තෙල් පෝලිම් ගෑස් පෝලිම් වගේම බොහෝ තැන් වල මිනිස්සුන්ගේ ජන ජීවිතය රස්තියාදු වීම තුළ අපි අත්විඳින්නේ රට තුළ මේ වන විට තියෙන අර්බුදයයි. ඒ අර්බුදය පිළිබඳ විවිධ අය විවිධ තැන්වල නොයෙකුත් ආකාරයට කතා කළත් මේ අර්බුදය තුළ ඊට එහා ගිය අතිශය සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. ඒකමයි රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයක් මෙන්ම සමාජ ඛේදවාචකයක් දක්වා පරිවර්තනය වී තිබීම. බිත්තරේ හාල් තුන පහ වල විතරක් නෙමෙයි එදිනෙදා ආහාරයට ගන්න පරිභෝජනයට ගන්න සියලු භාණ්ඩවල මිල අහස උසට නැග ගෙන යද්දී ඒ ආර්ථික බරට මුහුණදෙන්න බැරි අම්මලා තමන්ගෙ දරුවො ගඟට වීසි කරන තත්ත්වයට පත්වෙලා. අඹු දරුවෝ පෝෂණය කරන්න බැරි තාත්තාලා සියදිවි නසාගන්න තැනට රට කඩං වැටිලා.


මේ පවතින ආර්ථික සමාජ අර්බුදයෙන් බේරගන්නවා වෙනුවට එවැනි තත්වයක් තුලත් මේ පාලකයෝ වසංගතයකට මුවා වෙලා තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සාක්ෂාත් කර ගනිමින් සිය නොහැකියාවන් වහගන්න කටයුතු කරමින් ඉන්නවා. එම නිසා මේ අර්බුදය දැඩිව දැනෙන මුලුතැන්ගේ පාලිකාව විදිහටත් සමාජයේ වැඩි වගකීම්සහගත කාන්තාවක් විදිහටත් මේ අර්බුදයට ස්ථිර විසඳුමක් හොයන්නේ කොහොමද, ඒ වෙනුවෙන් සංවිධානය වී කුමක් කළ යුතු ද, යන්න අපි දැනුවත් විය යුතුයි.


අධ්‍යාපනය සෞඛ්‍යය ජන ජීවිතය කඩාවැටීම පිළිබඳ අපි නිරන්තරයෙන් කතා කළත් මේ වෙනකොට රටේ පාසල් වැසි ගොස් තියෙනවා. දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ තෙක් ඉන්ධන පෝලිම්වල ගෑස් පෝලිම් වල කාලය නාස්ති කරන්න වෙලා තියෙනවා. සමහර දරුවෝ ගෙවල් වල තියලා දෙමව්පියන්ට පෝලිම් වලට යන්න වෙලා තියෙනවා ගමේ පාසල් කිහිපයක උගන්වනවා නගර පාසල් වහලා දාලා තියෙනවා දරුවන් ලක්ෂ හතළිස් තුනක් පමණ ඉගෙන ගන්න ගුරු විදුහල්පතිවරු ලක්ෂ දෙකහමාරක් පමණ පිරිසක් සේවය කරන දස දහසක් පමණ වන ලංකාවේ පාසල් පද්ධතිය තුළ ප්‍රවාහනය කියන කාරණය මූලික කරගෙන ගැටලු රාශියක් ගත වෙලා තියෙනවා ඒ ගැටළුවට ආණ්ඩුවේ මැදිහත්වීම නගරයේ පාසල් වසා දමා ග්‍රාමීය පාසල් කිහිපයක් ක්‍රියාත්මක කිරීම නම් මේ ගැටලුව ඔවුන් දකින විදිහත් ඔවුන්ට ඊට සාධනීය විසඳුම් නැති බවත් ඒ තුළින් අපිට පේනවා. ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මාසයේ පවත්වනවා කිව්වත් නිශ්චිත කාල කාල රාමුවක් නැතිව දින නියමයක් නැතිව විභාගය කල් ගොස් තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ට එම විෂයය මාලාවන් ආවරණය කරන ආකාරය පිළිබඳ නිසි ක්‍රමවේදයක් මේ වන විටත් දකින්න නැහැ. එවැනි පසුබිමක් තුළ දරුවන් ගෙවල්වල කියලා පෝලිම් වලට දෙමව්පියන්ට එන්න සිදුවීම හරහා ශිෂ්‍යත්වය ලියන්න ඉන්න දරුවන් විවිධ සමාජ අපහරණයන් ට දූෂණයන්ට ලක්වීම අපිට අහන්න දකින්න තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ සතියේ දින පහේ පාසල පවත්වාගෙන යන්න බැරි ආණ්ඩුව කළ යුතු වන්නේ මේ අර්බුදයන් පාවිච්චි කර ගනිමින් තමන්ගේ දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීම නොව ළමයින්ට අධ්‍යාපන අයුක්තිය අයිතිය ලබා දිය හැකිය ලබාදිය හැකිය ආණ්ඩුවක් රට තුළ ජනතාවට තෝරා ගැනීමට තෝරාගැනීමට ඉඩ හදා ඔවුන් ඉවත්ව යාමයි.


දරුවන්ගේ ප්‍රජානන ආවේදන හා මනෝචාලක ක්‍රියාකාරකම් සංවර්ධනය සඳහා අධ්‍යාපනය තුළ අත්‍යවශ්‍ය වන විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් පසුගිය වසර තුන තුළ කිසිවක් සිදු වෙලා නැහැ පසුගිය වසර තුන කියන්නේ අධ්‍යාපනය ඉබාගාතේ ගිය රටක්. මේ තත්ත්වය කෙනෙක් තෙල් පෝලිමේ ඉඳලා මැරිලා යනවට වඩා දරුණු තත්වයක් මොකද අධ්‍යාපනයේ මළගම කියන්නේ ක්‍රමක්‍රමයෙන් රටේ සමස්ත අනාගතයට ම වන්දි ගෙවන්න සිදුවෙන දරුණුතම ඛේදවාචකයක්. එවැනි වර්තමානයක් තුළත් රටේ ආණ්ඩුවට ඒ වෙනුවෙන් යෝග්‍ය නිවැරදි විසඳුම් ගන්නට නොහැකි බව ඔවුන් ඔප්පු කරමින් සිටිනවා විතරක් නෙවෙයි ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ ධම්මික පෙරේරා වැනි ප්‍රතිඵල රහිත විකල්ප අත්හදා බැලීම රට බරපතළ වශයෙන් තවත් පරිහානියට ලක්වන හේතුවක් නිසා කිසිවකට පිළිතුරක් නොවේ. ඒ වගේම රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇඟලුම් ක්ෂේත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක් වීමත් සමඟ ඇඟලුම් ක්ෂේත්රය තුළ අනියම් සහ manpower පදනම යටතේ සේවය කරන කාන්තාවන්ට තමාගේ රැකියාවලින් ඉවත් වී යාමට සිදු වෙලා තිබෙනවා. රටේ සෞඛ්‍ය සේවය දිනෙන් දින ඉහලට යනවා වෙනුවට මේ ආණ්ඩුව තිබිරි ගෙයත් නැවත ආපස්සට හරවමින් සිටිනවා. නිවසේ දරු ප්‍රසූතිය සඳහා සියල්ල සූදානම් කරන්න කියන ප්‍රවෘත්ති අපි පසුගිය දවස්වල දකින්නේ සෞඛ්‍ය සේවය නැවතත් ගල් යුගයට යමින් තිබෙනවා කියන අවදානම කියාපාමින්. පුද්ගලයෙකුට ආහාර අර්බුදයට අල බතල සිටුවා ගනිමින් ප්‍රවාහන අර්බුදයට පාපැදියක් පාවිච්චි කරමින් පුද්ගලික පිළිතුරු හොයාගන්න පුළුවන් හැබැයි ඒක සමස්ත රටක ජාතික ප්‍රශ්නයක් වෙනකොට ඊට වඩා සංකීර්ණයි. රටේ කර්මාන්ත පද්ධතිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවා පද්ධතිය කඩා වැටීම තුල උද්ගතවන ආර්ථික ගැටලු හමුවේ අපට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය හා සෞඛ්‍ය කඩාවැටීම තනි පුද්ගල උත්සාහයන් යටතේ ගොඩ දැමිය නොහැකියි.


මේ සමස්ත අර්බුදය සෘජුව මේ රටේ 52%ක් පමණ වන කාන්තාවට භුක්ති විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැවැන්ත ආර්ථීක අර්බුදයක් අතිශය පීඩාකාරී සමාජ අර්බුදයක් දක්වා වර්තමානයේ පත්වී තිබෙන මොහොතක ඒ වෙනුවෙන් ඊට තනි තනි පිළිතුරු සොයනවා වෙනුවට සාමූහිකව නිවැරදි විසඳුම් සොයාගත යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය විදිහට අපි ඊට නායකත්වය දෙන්න සූදානම්. එ විතරක් නෙවෙයි සමස්ත කාන්තාවන් ඒ වෙනුවෙන් අපි නිවැරදිව සූදානම් කරනව. පවතින තත්ත්වයන්ට නිවැරදිම විසඳුම් නිර්මාණය වන්නේ මේ සාපරාධී ආණ්ඩුව සාපරාධී පාලන ක්‍රමය රටේ සියලු දෙනා එකතු වෙලා එකතු වෙලා පරාජයට පත් කිරීම තුළ පමණයි ඒ වෙනුවෙන් කාන්තාවන් විදිහට අපි හැමෝම බුද්ධිමත්ව සංවිධානය විය යතු මොහොතක් මේ."