රාජපක්ෂවරුන්ට විශාල ජනවරමක් ලැබුණේ රනිල් නිසා - අනුර (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමටත්, පාර්ලිමේන්තුවේ තුනෙන්

දෙකක බලයක් ලබාගැනීමටත් හේතු වූයේ රනිල් වික්‍රමසිංහගේ පාලනය බව ජාතක ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (21) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ ය.

මහ බැංකු මංකොල්ලය ඇතුළු මහා පරිමාණ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමටත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබාදීමටත් තමන්ට ජනවරමක් ලබාදෙන ලෙස රාජපක්ෂ කල්ලියට ජනතාවගෙන් ඉල්ලීමට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ නිසා බවයි එහිදී ජාතක ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කර සිටියේ.