මැර ජනපති පන්නමු ! - අරගලකරුවන්ට පහර දුන්නාට කොටුවේ විරෝධතා (VIDEO)

කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එම පිරිස විරෝධතාවයේ නිරතවූ අතර පසුව ඔවුන් පා ගමනින් ගෝල්ෆේස් දෙසට පිටත් වී තිබුණි.