කිසිදු ජන බලයක් නැති රනිල් වික්‍රමසිංහ අපි පිළිගන්නේ නෑ - SYU (VIDEO)

කිසිදු ජන බලයක් නොමැති වත්මන් ජනාධිපතිවරයා කිසි ලෙසකින් පිළිනොගන්නා බවත්, සැබෑ ජනමතය නියෝජනය කරන නියෝජිතයින් තෝරා පත් කර

ගැනීම සඳහා ජනතාවට කඩිනම් අවස්ථාවක් ලබා දිය යුතු බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ප්‍රකාශ කර සිටියි.

අද (24) දින සමාජවාදී තරුණ සංගමය පැවත්වූ මාධ්‍ය හමුවක් දී ඔහු මේ බව කියා සිටියේ ය.

අරගලකරුවන් විසින් පසු දින ඉවත් වන වග දැනුම් දී තිබියදීත් රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය යොදා ගනිමින් ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ච ප්‍රහාරය දැඩි සේ හෙලා දකින වගත් මේ ප්‍රහාරය පිටුපස රනිල් වික්‍රමසිංහ විසින් තමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල මංත්‍රීවරුන්ට ලබා දුන් පනිවිඩය පැහැදිලි වගත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.