ජනපතිගේ බල මඬින්න ‍වෘත්තීය සමිති පුළුල් පෙරමුණකට සූදානම් - ස්ටාලින් (VIDEO)

රාජපක්ෂවරුන්ගේ උවමනාව මත බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ විසින් ගෙනෙන මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන

පක්ෂ එකතුව පුළුල්ව පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඊයේ (24) දින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

වත්මන් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පුළුල් පෙරමුණක් නිර්මාණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය එකඟතාව පළ කළ බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ.