රටේ නීතිය හා විධානය දැන් බල්ලාට ගිහින් - ජාජබ නීතිඥයෝ (VIDEO)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ සැබෑ ගැටළුවලට පිළිතුරු දෙනවා වෙනුවට ආණ්ඩුවට එරෙහිව බුර බුරා නැගෙන විරෝධය මර්දනයට

හදිසි නීතිය නම් උපක්‍රමය යොදාගෙන ඇති බව ජාතික ජාතික ජන බලවේගයේ නීතිඥයින් චෝදනා එල්ල කරයි.

එමඟින් "රටේ නීතිය හා විධානය බල්ලාට ගොස් ඇති" බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කියා සිටියේ අද (31) ජනතා විමුක්ති පෙරමුණ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී ය.

එම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ ජගත් අබේනායක, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුළු නීතිඥයන් පිරිසක් එක්විය.

සාමකාමී මහජන අරගලවලට විරුද්ධව ආණ්ඩුව දියත් කර තිබෙන මර්දනය වහාම නතර කරන ලෙසත් එසේම, සාමකාමී අරගල වෙනුවෙන් තවදුරටත් කොන්දේසි විරහිතව තමන් ඉදිරිපත්වන බවත් මෙහිදී අවධාරණය කෙරිනි.