ජෝසප් ඇතුලු අරගලකරුවන් අත්ඩංගුවට ගැනීමට එරෙහිව කොටුවේ විරෝධතා (VIDEO)

ජෝසප් ඇතුලු අරගලකරුවන් අත්ඩංගුවට ගැනීමට එරෙහිව කොටුවේ විරෝධතා (VIDEO)
ඡායාරූප - Don Maya

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන

එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (4) පැවැත්වේ.

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අ‍ධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Search