මහ මැතිවරණයක් පවත්වන තෙක් මූලික ප්‍රතිපත්ති සමූහයක් යටතේ නිශ්චිත කාල සීමාවක් සඳහා, සර්ව පාක්ෂික එකඟතාවක් හෝ අවම වශයෙන් බහු
පාක්ෂික එකඟතාවක් තුල රට මුහුණ දෙමින් සිටින වත්මන් අර්බුදවලට විසඳුම් සොයා ගත යුතු බව අනිද්දා පුවත්පතේ කර්තෘ, නීතිඥ කේ.ඩබ්. ජනරංජන පවසයි.
එම කාලය තුල සාමූහිකව වැඩ කිරීමෙන් සහ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීමෙන් ඒ ඒ පක්ෂවලට ලැබෙන කීර්තිය තමන්ගේ ජයග්‍රහණය සඳහා මහ මැතිවරණයේ දී ඔවුන්ට යොදා ගැනීමට හැකිවනු ඇති බවයි මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.