ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන්

සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්‍ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව අද දෙරණ සිදුකළ විමසීමක දී වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.

කෙසේවෙතත් සිද්ධියට අදාළ නොවන නිදහස් පක්ෂ මුලස්ථානයේ ශ්‍රවණාගාරයට ඇතුළුවීම ද පොලීසිය වළක්වා ඇති බවට වැඩබලන මහලේකම්වරයා චෝදනා කළේය.

(Ada derana)

Search