මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ලාංකිකයින්ට පොදු සමාවක්

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික

ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.

(Ada derana)